Tuesday, May 22, 2012

සිත් ගත් සිනමා රූ: දේවදුත නගරයේ සිට න්‍යාසය දක්වා ~ From City of angels to the Matrix

කුඩා කාලයේ ඉඳලා හොලිවුඩ් චිත්‍රපටි බලන නිසා අද වන විට මතකයේ රැඳුණු සුන්දර සිනමා පටි රැසක් තියෙනවා. ඒවායින් ටිකක් ගැන පොඩි සටහනක් තමයි මේ.
මේ තියෙන්නේ මම කැමතිම චිත්‍රපටි වල කැමතිම රූප රාමු ටිකක්...


Movie : City of Angels
චරිත : සෙත් - දේව දුතයෙක් , මැගී - ශල්‍ය වෛද්‍යවරියක්


රූප රාමු කතා බහ -
සෙත් : ඕක මොන වගේද?
මැගී පෙයාර්ස් ගෙඩිය ප්‍රශ්නාත්මකව පෙන්වයි
සෙත් : ඒක මොන රහද? විස්තර කරන්න ඒක ..හෙමින්ග්වේ වගේ.
මැගී : ඒක හරියට... පෙයාර්ස් රහයි! ඔයා දන්නේ නැද්ද පෙයාර්ස් වල රහ?
සෙත් : මම දන්නේ නැහැ ඔයාට පෙයාර්ස් රහ දැනෙන්නේ මොන විදිහටද කියල
මැගී : පැණි රහයි...යුෂ සහිතයි...දිවට මෘදු යි, පුංචි කැටිති වගේ තියෙනවා...හරියට නිකම් සීනි රහ වැලි කැට කටේ දිය වෙනවා වගේ

***********************************************************************************
Movie : The English Patient
 චරිත :  අල්මාශි (හංගේරියානු ජාතික සිටුවරයෙක් සහ සිතියම් තනන්නෙක්) කැතරින් (ඉංග්‍රීසි ජාතික). දෙවන ලෝක යුද්ධ සමයේ සිදු වුවක්.



රූප රාමු කතා බහ -

අල්මාශි : එක එක සුළං ගැන කියන්නම්. දකුණු දිග මොරොක්කෝ වේ තියෙනවා අජේජ් නමින් සුළි සුළඟක්.
මොරොක්කෝවේ ෆෙලහින් ජනතාව ඒ සුළං වලින් ආරක්ෂා වෙන්නේ පිහි වලින්.
එතකොට තව ටියුනිසියාවේ තියෙනවා ගිබ්ලි කියල සුළඟ ක්.

කැතරින් : ගිබ්ලි?

 අල්මාශි : ඔව්. ඒකෙන් මිනිස්සුන්ට හරිම අමුතු ස්නායු අමාරුවක් හැදෙනවා.
ඊ ගාවට හරමටන් - රතු සුළඟ. නාවිකයෝ එකට කියන්නේ අඳුරු මුහුද කියල. මේ හුළඟට ගහගෙන එන රතු පාට වැලි නිසා වැටෙන වැස්සත් රතු පාටයි. එංගලන්තේ දකුණු දිග වෙරළ තීරේ වෙනකම්ම මේ හුළං හමල තියෙනවා. ඒව අරන් එන වැස්ස රතුම රතුයි හරියට ලේ වගේ.

කැතරින් : බොරු! ඔය කියන පළාතේ අපේ ගෙදරක් තිබුනනේ.  කවදාවත් ඔහොම ලේ වැහැල නැහැ. ඉතින්...තව කියන්න...

අල්මාශි : බොරු නෙවෙයි සේරම ඇත්ත! ඔයාගේ යාලුවා - අර හෙරඩෝටස් තමයි ඔය ගැන ලියල තියෙන්නේ. ඒ වගේම එයා කියල තියනවා හරිම භයානක හුළඟක් ගැන. ඒකට කියන්නේ සමූන් කියල. මේ දුෂ්ට හුළඟට විරුද්ධව මිනිස්සු යුද්ධ ප්‍රකාශ කරලා ඔවුන්ගේ කඩු අමෝරාගෙන,
සන්නාහ ඇඳගෙන, ගිහින් තියෙනවා, හුළඟ එක්ක සටන් කරන්න.

***********************************************************************************
Movie : Fight the future
චරිත - මෝල්ඩර් , ස්කලී ( එක්ස් ෆයිල්ස් බලපු අයට අමුතුවෙන් හඳුන්වාදීම් අනවශ්‍ය ය)
 

රූප රාමු කතා බහ -
මෝල්ඩර් : ඇයි මොකද උනේ?
ස්කලී : මම අස්වීමේ ලිපිය භාර දුන්න
මෝල්ඩර්: ඔයාට දැන් අයින් වෙන්න බැහැ ස්කලී
ස්කලී : මට පුළුවන්. ඔයාට මේක පුද්ගලිකව ඇවිත් කියනවද නැද්ද කියලත් මම හිතුව...
මෝල්ඩර් : අපිට තව පොඩ්ඩයි තියෙන්නේ. අපි දැන් කෙලවරට ලං වෙලා ඉන්නේ...
ස්කලී : ඒ ඔයා මෝල්ඩර්. කරුණාකරලා මට මේක බල කරන්න එපා
මෝල්ඩර් : ඔයා ඊයේ රෑ දැක්ක දේවල් හැටියට, ඔයා මෙච්චර කල් දැක්ක දේවල් හැටියට, ඔයාට පුලුවන්ද ඔහොම අත ඇරලා යන්න?
ස්කලී : මම අත ඇරලා ඉවරයි.
මෝල්ඩර් : මට මෙතෙන්දි ඔයාව ඕනේ ස්කලී
ස්කලී : ඔයාට මාව ඕනේ නැහැ මෝල්ඩර්. කවදාවත්ම. මම ඔයාට බාධා කරා විතරයි. මට දැන් යන්න ඕනේ.
මෝල්ඩර් : ඔයාට ඕනේ නම් පුලුවන් කියන්න හර්ද සාක්ෂියට එකඟව මෙහෙම යන එක හරි කියල. ඒත් ඔයා වැරදියි.
ස්කලී : එයාල ඇත්තටම ඇයි මාව ඔයා එක්ක වැඩ කරන්න දැම්මේ? ඔයාට බාධා කරන්න නෙවෙයිද? ඔයාව ආපස්සට ඇදල දාන්න නෙවෙයිද? ඔයාගේ අදහස් නිෂ්ප්‍රභා කරන්න නෙවෙයිද?
මෝල්ඩර් : ඒත් ඔයා මාව බේර ගත්ත! ඔයාගේ ඔය මගුල් නීතියි, විද්‍යාවයි, තර්කයි කොච්චර හිස රදයක් උනත්, ඔයා මාව දාස් වාරයක් බේර ගෙන ඇති. මාව අවංකව තිබ්බේ ඔයා. ඔයා මාව සම්පුර්ණ කරා. මම මේ හැමදේටම ඔයාට ණයයි ස්කලී, හැබැයි ඔයා මට බින්දුවක් වත් ණය නැහැ...ඔයා නැතුව මට මේක තනියම කරගෙන යන්න මට බැහැ...මම දැන් අත ඇරියොත්, එයාල දිනුම්.

***********************************************************************************
Movie : Aladdin
චරිත : ඇලඩින්, ජැස්මින් කුමරිය

රූප රාමු කතා බහ -
ජැස්මින් : ඒ කොහොමද ඔයා ඔහොම ඉන්නේ?
ඇලඩින් : මේක පියාඹන බුමුතුරුනක්
ජැස්මින් : ඒක හරිම ශෝක් නේ
ඇලඩින් : ඔයා ආස නැද්ද මේකේ රවුමක් යන්න? අපිට මාලිගාවෙන් එලියට යන්න පුළුවන්...ටිකක් රටේ ලෝකේ බලන්න ...
ජැස්මින් : මේක ආරක්ෂාවයි නේද?
ඇලඩින් : අපෝ ඔව්. ඔයාට මාව විශ්වාසයිද?
ජැස්මින් : මොකද්ද කිව්වේ?
ඇලඩින් : ඔයාට මාව විශ්වාසයිද?
ජැස්මින් : ඔව්...

***********************************************************************************



Movie : The Fellowship of the Ring
 චරිත : [සෑම්, ෆ්රෝඩෝ, පිපින්, මේරි](හොබිට් නම් අඟුටුමිටි ස්වභාව මනුෂ්‍ය විශේෂයක් ) ඇරගොර්න් (මනුෂ්‍ය), ආර්වෙන් (මනුෂ්‍ය ලක්ෂණ තිබෙන අර්ධ දිව්‍ය විශේෂයක්)





රූප රාමු කතා බහ -
සෑම්: බලන්න ෆ්රෝඩෝ ඒ බිල්බෝගේ යක්කු!..ෆ්රෝඩෝ?... (ඇරගොර්න් ට) එයා සීතල වෙනවා
පිපින් : එයා මැරේවිද?
ඇරගොර්න් : එයා හෙවනැලි ලෝකෙට යන්න හදන්න. ටිකකින් එයාත් උන් වගේ වේවි.
මේරි : උන් ළඟ ඉන්නේ!
ඇරගොර්න් : සෑම්, දන්නවද ඇතිලස් පැලැටිය?
සෑම්: ඇතිලස්?
ඇරගොර්න් : රාජලෝපත් කියන්නේ
සෑම් : ආ ඔව් ඒක වල් පැලෑටියක් නේ
ඇරගොර්න් : ඒවායින් ෆ්රෝඩෝ ගේ ඇඟට ගිය විස නැති කරන්න පුළුවන් වේවි. ඉක්මන් කරන්න!
ඔවුන් ඇතිලස් පැලැටිය සොයන අතර ඒවායින් කුඩා පඳුරක් දකින ඇරගොර්න් ඒ වෙතට යයි
ආර්වෙන් : ආහා මේ කවුද? නැතිවුණු අසරුවෙක් වගේ?



***********************************************************************************

Movie : The Matrix
චරිත : ට්‍රිනිටි, නියෝ


රූප රාමු කතා බහ -

ට්‍රිනිටි : හෙලෝ නියෝ
නියෝ : ඒ නම ඔයා දන්නේ කොහොමද?
ටිනිටි : මම ඔයා ගැන ගොඩක් දේ දන්නවා
නියෝ : ඔයා කවුද?
ට්‍රිනිටි  : මගේ නම ට්‍රිනිටි
නියෝ : ට්‍රිනිටි? අර ට්‍රිනිටි? අර අයි ආර් එස් දත්ත ගබඩාව හැක් කරපු ට්‍රිනිටි?
ට්‍රිනිටි : ඒ ගොඩක් කාලෙකට කලින්
නියෝ : දෙයියනේ!
ට්‍රිනිටි :  ඇයි?
නියෝ : නෑ මේ මම හිතුවේ... ට්‍රිනිටි කියන්නේ කොල්ලෙක් කියල
ට්‍රිනිටි : ඔව් ගොඩක් කොල්ලෝ හිතන්නේ එහෙම තමයි



මේවගේ සිංහල තේරුම් වල නිරවද්‍යතාවය සියයට සියයක් සහතික කිරීමට නොහැකි වීම ගැන සමාවන්න. සමහර දේ එලෙසින්ම පරිවර්තනය ඉතාම අමාරුය. විශේෂයෙන් Fellowship of the ring චිත්‍රපටියේ කොටස. එම කතා විශ්වයේ සිටින හොබිට්, එල්ෆ්, ට්‍රොල් යනාදී මිත්‍යාමය සත්වයන්ට අදාළ සිංහල වචන තිබෙනවාදවත් නොදනිමි.

Disclaimer : None of these movies belong to me. They belong to whichever companies that made them. I am just a fan.

Thursday, May 17, 2012

හිස් ජීවිත

මේ ළඟදී මුණු පොතේ මම හොඳ සටහනක් දුටුවෙමි.
ඒ 'When you have a problem, FACE it - dont FACEBOOK it' යන්නය.
මේ නම් ඇත්තම ඇත්තකි. ගොඩ දෙනා තමන්ගේ හැම මනස්ගාතයක්ම මුණු පොතේ දමති. කොල්ලා තරහ වූ විට විරහ ගීත ෂෙයාර් කරමින් සුජීවගේ නව කතා වල වත් නැති විකාර ස්ටේටස් දමති. 'අනේ ඇයි මම මෙච්චර සංවේදී' , 'මේ ලෝකේ හොඳ මිනිස්සුන්ටමයි දුක වැඩි', 'මට මේ ලෝකෙම එපා වෙලා. අනේ මට කවුරුත් නැහැ', 'මට කවුරුත් එපා. මම තනියම ඉන්නවා' වගේ ස්ටේටස් මුණු පොතේ ඕනෑම මොහොතක කවුරුන් හරි දමා තියෙනවා දක්නට ඇත. මේ ස්ටේටස්, ෆොටෝ එහෙම බැලුවාම නම් පෙනෙන්නේ මේ ලෝකේ මේ අය තරම් අහිංසක අසරණ ගුණ යහපත් අය තවත් නැති බවයි.
Losing touch with reality?
තමන්ගේ පුද්ගලික ප්‍රශ්න ලෝකෙට කීමෙන් මොවුන් බලාපොරොත්තු වන්නේ මොනවාද කියා මට නම් නොතේරේ. අනිත් අතට, එහෙත් මොවුන්ගේ සත්‍ය තත්වය දන්නා අයට මේ කතන්දර පිටුපස තව බොහෝ දේ ඇති බව රහසක් නොවේ. කුමක් කරදරයක් වූ විට මුණු පොතේ දමා එය බෙදා ගැනීම එකකි. නමුත් දිගින් දිගටම මේ වාගේ බොළඳ දේවල් දැමීම විහිළුවකි. අනිත් විහිළුව නම් ඒවා දකින අනිත් සමහරක් ද 'අනේ ඔයා පව්', 'ඔයා වගේ හොඳ අය මේ ලෝකේ නෑ' වැනි අනං මනම් බහුබූත ලියා අර පුද්ගලයින් තවත් දිරි ගැන්වීමය.

මට නම් හිතෙන්නේ මේ අයගේ ජීවිත වල ලොකු හිස්තැනක් ඇති බවය. ඒ හිස්තැන වසා ගැනීමට අනිත් මිනිස්සුන්ගේ අවධානය ගන්න මොවුන් විවිධ උපක්‍රම භාවිතා කරයි. අනුකම්පාව එක ක්‍රමයකි. ඕනෑම කෙනෙක් වෙනුවෙන් තමන්ගේ හිත උණුවන බව පෙන්වීම තම ක්‍රමයකි. කෙසේ නමුත් සමහර විටක සැබෑවටම මොවුන් උදව් කරන්නට ඉදිරිපත් නොවන්නේ ද නොවේ. නමුත් ඒ සෑම විටම 'මම මෙහෙම කළා' කියා සියල්ලන්ටම කියා හොඳ නම ගැනීම නම් අනිවාර්යෙන් සිදුවේ.
කෙසේ හෝ වේවා කුමක් කලත්, කුමක් පැවසුවත්, මොවුන්ගේ අරමුණ අන්‍යන් ගේ අවධානය, ප්‍රශංසාව, ආකර්ෂණය දිනා ගැනීමය. ඒ වෙනුවෙන් විවිධ බොරු මවාපෑම් රැවටිලි කිරීම මොවුන්ට සුළු දෙයකි. 
Is your self image making you lose perspective?


බොරු කීම බොහෝ දෙනා කරන දෙයකි. ට්‍රිප් එකක් යන්නට ඕනා වූ විට සික් ලීව් එකක් දැමීම, යාලුවෙක් 'අනේ මම කළු වෙලාද?' ඇසු විට නැහැ කියා සිත සැනසීම (එසේ වුවත්), නෑදෑ ගෙදරකදී මෙලෝ රහක් නොමැති කෑමක් කන්න බල කරන විට 'අනේ මම මේ කාලා ආවේ යැයි කීම' වැනි  අප එදිනෙදා කියන සමස්තයක් බොරු වලින් යමෙක්ට, පුද්ගල සම්බන්ධතා වලට හානි වන්නේ නැත.

නමුත් මෙවන් හිස් මිනිසුන් කියන බොරු වලින් කෙනෙක්ගේ ප්‍රතිරූපයට බොහෝ හානි ඇති විය හැක. ඔවුන් නිතරම අනිත් පුද්ගලයෙකු සම්බන්ධ කර බොරු කියන්නේ, තමන්ව උසස් කර පෙන්වීමටය. එක්කෝ තමන්ගේ නුවණැති කම, දක්ෂ බව, ආකර්ශනීය බව විය හැක. නමුත් බොහෝ වෙලාවට මොවුන් බොරු කියන්නේ තමන්ගේ නැති හොඳ ගතිගුණයක් පෙන්වීමටය. උදාහරණයක් වශයෙන් තමන්ගේ අහිංසක බව, සාධාරණ බව, ත්‍යාගශීලී බව වැනි.

අනිත් ලක්ෂණය නම් ඔවුන් කියන බොරු ඔවුන්ම විශ්වාස කරන ගතියක්ද තිබීමය. තමන් ගේ ජීවිතයේ අනිත් අයට පැහැදිලිව පෙනෙන යම් යතාර්තයන්ද ඔවුන් බැහැර කරයි.
 
මේ ලියන මමත් මෙවන් අයට රැවටී ඇත. එක වරක් නොවේ කිහිප වරක්. නියම තත්වය පෙනෙන්නේ ටික කලක් ගිය විටය. සමහරක් විට එවිට පමා වීද වැඩිය.

මොවුන් හා ආශ්‍රය කරද්දී මම ඉගෙනගත් පාඩම්:
  • ඔවුන් කියන දේට හොඳින් සවන් දෙන්න. මෙවිට ඔවුන්ගේ කතාවල එකිනෙකට එකක් නොගැලපෙන තැන් පෙනෙන්නට පටන් ගනු ඇත
  • තමන්ගේ යාලුවා කියා එකවර කියන හැම දෙයක්ම විශ්වාස නොකර අපක්ෂපාතීව හිතන්න. ඔවුන් කියන කඳුළු කතාවේ දුෂ්ට චරිතය දී ඇති පුද්ගලයාගේ පැත්තෙන්ද කතාවක් තිබෙන්නට පුළුවන.
  • කිසි විටෙකත් ඔවුන්ගේ කඳුළු කතා වලට සම්බන්ධ 'දුෂ්ටයින්' සම්බන්ධයෙන් කිසිවක් නොකියන්න. ඔවුන්ම ඒවා ඔබ කියූ දේ ලෙස, ඔබේ ගිණුමට බර කර අදාළ පුද්ගලයන්ට පවසන්නට ඉඩ තිබේ.
 මෙවැනි හැසිරීම් පෙන්නුම් කරන සමහරු නම් යම් මානසික පීඩනයක් නිසා එසේ කරන බව මට සිතේ. මන්ද ඔවුන්ගේ මේ ක්‍රියාකලාපයෙන් ඔවුන්ට අත්වන ලොකු වාසියක් නොපෙනෙන නිසාය. එවැනි පුද්ගලයන් නම් මනෝ වෛද්යවරයෙක් වෙතට යොමු කිරීම අපට කල හැකි එකම උදව්වයි...

PS : Photos are mine. Taken at the Melbourne Museum.
.

Tuesday, April 3, 2012

Sinhabahu at Nelum pokuna

The day before yesterday I went to see 'Sinhabahu' at Nelum Pokuna theatre, for the first time. I dont mean first time at Nelum pokuna, (which it also was) rather I meant to say, it was the first time I've ever watched a stage play.
So how was it?
As Fräulein Maria said, Let's start at the very beginning; which is, a very good place to start.

Tickets
The very beginning, in this case is how I bought the tickets for the show. I don't think they really advertised the show. I just saw the posters while passing Nelum pokuna. So, we went inside, and met with this really helpful guy inside who issues tickets. Tickets were priced 3000/= (main) and 1000/= (gallery). The guy was really nice and took us inside to show us the seats so we could select better. We ended up somewhere close to the front, in the middle section where incredibly, three seats were available.

Apparently Nelum pokuna is now a sort of landmark and people just come to see it. I say this because there were lots of school children inside who were just looking around.

No ATM
They really should install ATMs there, or at least accept credit cards. I dont usually carry such horrendous amounts of cash (and neither shoud you! its just not safe) so we had to go back outside and find an ATM. 

The guy said that this particular show (and Maname, being shown on Tuesday) are actually being done by the theatre, which is why the tickets are priced (considerably) low. Total expense for one show is around 8.5 lacks he said.

Late start
On the day of the show, we were seated by 6.30 sharp but for some reason they didn't start until 6.45 or so. 

Canteen
The canteen can be heaps better. There is just no selection, and the way people were served was absolutely crazy. In typical Lankan way, there was no queue, and there was only one guy to serve the entire throng. We had to wait for almost 15 mintues or so, just to buy drinks. I actually noticed one guy standing right infront of the counter, under the guy's very nose, and the poor guy didnt get served until even we were!

Beautiful performance
The play was, absolutely amazing of course. I don't know who played Suppadevi, but for me, hers was the best performance that day. Since many many reviews have already been done on Sinhabahu, by many many learned scholars, what can I, a mere chit of a girl add? :D Suffice to say it was beautiful, and moving, and definitely worth it. After watching that performance, I really wanted to go for Maname as well, but unfortunately the date was not doable for me :(

I did take my DSLR, with the zoom lense, but they said no photographs please so, I didnt click any, sorry...

And what better way to end this post, than with these lovely words sung by Suppadevi at the beginning?

ලෝ දහමින් වැදෙනා රලු පහරින්
ගත සිත රිදෙනා කල නිතියෙන්
නැත ලොවේ අන් රසඳුනා
ආදරේ සේ සුව දෙනා...


Tuesday, March 13, 2012

What do girls want?

අසූවේ දශකයේ ඉපදුනා නම්, ගොඩක් අයට මෙන්න මේ සින්දුව හොඳට අහල පුරුදු එකක් වේවි.

I come home in the morning light
My mother says when you gonna live your life right
Oh mother dear we're not the fortunate ones
And girls they want to have fun
Oh girls just want to have fun
The phone rings in the middle of the night
My father yells what you gonna do with your life
Oh daddy dear you know you're still number one
But girls they want to have fun
Oh girls just want to have
That's all they really want
Some fun
When the working day is done
Girls - they want to have fun
Oh girls just want to have fun
Some boys take a beautiful girl
And hide her away from the rest of the world
I want to be the one to walk in the sun
Oh girls they want to have fun
Oh girls just want to have
That's all they really want
Some fun
When the working day is done
Girls - they want to have fun
Oh girls just want to have fun,
They want to have fun,
They want to have fun...
 ගායනා කරන්නේ ඒ දවස් වල ගොඩක් ජනප්‍රිය වුනු සින්ඩි ලෝපර්. මේ තියෙන්නේ ඔරිජිනල් සින්දුව.

 සින්දුව වගේම වීඩියෝ එකත් සෑහෙන ජනප්‍රියයි. අසූවේ දශකයට ආවේනික වර්ණවත් ඇඳුම්, ලොකු කොණ්ඩා මෝස්‌තර, gaudy makeup එහෙම මේ වීඩියෝ එක හොඳට බලාගන්න පුළුවන් :D.

 මේ සින්දුව ගොඩක් ජනප්‍රිය නිසාම, පස්සේ කාලවලදීත් කීප දෙනෙක් මේක ගායනා කළා. එහෙම ගායනා කල අය අතර මයිලි සයිරස්, කේටි පෙරී සහ නිකි මිනාජ් එහෙම ඉන්නවා. මේ පහල තියෙන්නේ ග්ලී වර්ෂන් එක.



 එකම පද උනත් මේ වර්ෂන් එක හෙමින් යන්නේ. ඒ වගේම මුල් එක ගායිකාවක් කිව්වත්, මේක කියන්නේ ගායකයෙක්. ඔරිජිනල් එකේ කියවෙන්නේ ටිකක් මුරණ්ඩු දඟකාර ගැණු ළමයෙක් ගැන උනත්, මේ වර්ෂන් එක අහද්දී නම් දුක හිතෙනවා. හරිම පරස්පර විරෝධී තේරුම් දෙකක්. සංගීතයෙන් කරන්න පුළුවන් වෙනස බලන්න...


මේ සින්දුව යි මායි අතරත් පොඩි සම්බන්ධයක් තියෙනවා. හරියටම කිව්වොත් මෙන්න මේ වීඩියෝ එකේ තියෙන සීන් එක  වගේ එකක්  :
මේ පෝස්ට් එක ලියන්න හේතු උනෙත් ඔය චුටි බබා ගේ වීඩියෝ එක අහම්බෙන් දැකීම තමයි. මොකද අපේ තාත්ත කියනවා මාත් චුටි කාලේ හරියට ඇවිදගන්නත් බැරි උනත් රේඩියෝ එකේ සින්ඩි ඔය සින්දුව කියද්දී හෝ ගාල නටන්න ගන්නවා කියල :D :D

ඒ හේතුව නිසාද මන්දා මට මේ සින්දුව අහද්දී එන්නේ ළමා ගීතයක් අහද්දී එන හැඟීම ක්. සින්දුවේ මූඩ් එකත් හරිම විනෝදජනක දඟකාර ස්වභාවයක් ගන්නවනේ... :)

පොඩි ම කාලේදී එහෙම ආස උනාට, ඊට පස්සේ අවුරුදු පහළොව දාසය ලබද්දී නම් මේ සින්දුවේ මතකයක් වත් තිබුනේ නැති තරම්. මට මතක හැටියට MTv ලංකාවේ පෙන්නන්න ගත්තේ මට අවුරුදු දාහතරේදී වගේ. රටේ නැති බෝයි බෑන්ඩ්ස්, ස්පයිස් ගර්ල්ස්, රිකී මාටින් ගේ සින්දු මේ ලෝක සිහියක් නැතුව ඇහැව්වා මිසක්, ඒ කාලේදී මේ ජාතියේ සින්දුවක් දැක්කත් "ඊයා මොන ජරාවක්ද" කියන තත්වයක් තිබ්බේ. (හැමදාම ඉස්කෝලේ බුදුන් වඳින කොට රිකී මාටින් ට හඳුන්කුරක් පත්තු කරපු යාලුවෙකුත් හිටිය ඒ දවස්වල. රිකී අනිත් ටීම් එකට ප්ලේ කරන එක්කෙනෙක් කියල අපි දන්නේ නෑනේ ඒ දවස්වල :D).

දැන් ඉතින් ආයෙමත් මම මේ සින්දුව රස විඳිනවා. සින්දුවත් එක්ක තාත්තගේ උණුසුමත් දැනෙනවා කිව්වොත් ටිකක් විකාරයි වගේ ද මන්ද. මොකද සින්දුවේ එහෙම තේරුමක් නැහැනේ.
තාත්ත ඒ දවස් වල රෑ වෙලා වැඩ ඇරිලා ඇවිත්, බත් කාල, ඇඳේ බෙඩ් සයිඩ් ලෑම්ප් එකේ එළියෙන් පත්තරේ හරි නව කතාවක් හරි කියවනවා. මාත් ඇඳේ පැත්තක තියාගෙන. ඇඳ විට්ටමේ පුංචි රේඩියෝ එකත් දාල...

PS : දැන් නම් අර බෝයි බෑන්ඩ් වල සින්දු ගොඩක මට මෙලෝ රහක් නැහැ.

Saturday, March 3, 2012

ඔසී ඔසී අන්නසී! (හම්මේ යන්තම් දිනා ගත්ත)

ඊයේ මම එම් සී ජී ගිය දෙවෙනි දවස ය. පලවෙනි දවස ගැන මෙතන ලියා ඇත. දවස් දෙකම ලංකාවේ ටීම් එක දිනුව නිසා අපිට දවස් දෙකම අමතක නොවන අත්දැකීම්ය ! (අපි ඉතින් කියන්නේ අපි ගිය නිසා දිනුව කියලාය.)
එම් සී ජී කෝච්චියේ යනවා නම් බහින්න ඕනේ 'ජොලිමොන්ට්' කියන නවතුමෙනි. ලංකාව ගහන මැච් එකක් ඇති දවසට ජොලිමොන්ට් යන කෝච්චිය සම්පුර්නෙන්ම වාගේ නිල කහ වර්ණයෙන් දිස්වේ. මෙහෙ කාලගුණ දෙපාර්තුමෙන්තුවත් ලංකාවේ වගේද කියා සිතෙන විදිහට ඊයේ කාලගුනේ සීතල වෙනවා කියල තිබ්බ ත් සිදුවුනේ එකේ අනික් පැත්තය. සීතල වෙයි කියා අපි ජැකට් අනං මනම් ඔක්කොමත් පෙරවාගෙන, සන් ස්ක්‍රීන් කැප් කිසිවක් නැතුව ගිය නමුත් එතන ගිනි අවුවය.

කෙසේ වෙතත් සුපුරුදු පරිදි මේ සිටින්නේ මෙල්බන් ද නැතහොත් කොළඹද යයි සිතෙන තරමට ලංකාවේ කට්ටියගෙන් එම් සී ජී පිරී ගොස්ය. සිංහ කොඩි සියයකට එක ඔසී කොඩියක් වාගේ පෙනෙන්නට තිබුණි (අයියෝ පව්). ඔය අස්සේ අල්ලපු රටේ කොඩිද තිබුණු අතර ඒවා වනුනේ ඔසී පිලට වාසි අවස්තාවන් වලදී පමණය. නමුත් මැච් එක ලංකාවේ පැත්තට එන්න පටන් ගත් විට අල්ලපු රටේ අයියලා වාෂ්ප වී තිබුනේ අතිශය පුදුම විදිහටය (සමහර විට මලයාලි මන්තර බලයකින් වෙන්න ඇති).
මැච් එක මැදදී...කන්න වෙයි කියල බයේ හිටියේ

මෙහිදී ඔසී ජනතාව ලාංකීය ජනතාවගේ කටේ බලයට යටවී දුක්ඛිත තත්වයක සිටි බව කිව යුතුය. යන්තම් කිහිප වරක් ඔවුන්ගේ සාම්ප්‍රදායික 'ඔසී ඔසී ඔසී - ඔයි ඔයි ඔයි' චියර් එක පටන් ගත්තද, ලාංකීය ජනතාවද එයට එක්වී (ඔවුන්ට සහය දීමේ කාරුණික චේතනාවෙන්), 'ඔසී' යන්නෙහි 'ඔ' යන්න 'පු' යන්නෙන් රීප්ලේස් කිරීම නිසා එයද ලත් තැනම ලොප් විය. එයින් පසුද 'ඔසී ඔසී' ගාන්නට පටන් ගත් හැම විටම ලාංකීය ජනතාව (නොදැනුවත් කම නිසා) මහා සද්දෙන් 'අන්නසී' යනුවෙන් එය අගට එකතු කිරීම නිසා එම අසරණ ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝලීන්ට වැලේ වැල් නැති විය.

අපේ චියරින් ස්කොඩ් එක!


කෙසේ වෙතත් සමස්තයක් වශයෙන් චියර් කිරීම් සාමකාමීව සිදුකෙරුනද, මොලේ නැති දෙතුන් දෙනෙකුද ආරක්ෂක අංශ වෙතින් එලියට යවනු දුටුවෙමු. ලංකාවේ අයියල මෙන්ම සුදු අයියලාද මේ අතර විය. සල්ලි ගෙවා මැච් බැලීමට පැමිණ 'ඇන්ටි සෝෂල්' හැසිරීම නිසා තව දඩත් කන්න වීම මොන මැටි වැඩක්ද කියා මට නම් සිතුනි.

මැච් එක පටන් ගන්න විට මාලිංග පිලිබඳ අපේ කට්ටිය කල ගුණ කතන ඔහුට ඇසුනා නම් ඔහුට මරණ භය ඇතිවනු නියතය. අන්තිමේ ඔහු විකට් 4 ගෙන තත්වය යන්තම් සමනය කර ගත්තේය.

එක අවස්තාවකදී අප සිටි අන්තයට තිසර පෙරේරා ෆීල්ඩ් කිරීමට පැමිණි නිසා ලාංකීය ජනතාව මහත් සේ කලබලයට පත් වුහ. බොහෝ වෙලා ඔහුගේ නම එක දිගට කෑ ගැසූ පසු ඒ කන්කරච්චලෙන් බේරීමට ඔහු පිරිසට අත වැනීම විශේෂ සිද්ධියක් විය.

මැච් එක අවසානයේදී ඇන්ජලෝ ඇතුළු තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ග්‍රවුන්ඩ් එකේ සිට මොනවාදෝ බෙදා දෙනු දුටු සියලු දෙනා මොනවා හරි කමක් නෑ කියා ඒ දෙසට දිව ගියහ. පසුව දැනගත් පරිදි ඔවුන් දී ඇත්තේ කහ පාට රබර් බෝල ය. මෙහිදී එසේ ලබාගත් රබර් බෝලයක් ඇන්ජි අතින් අත්සන් කර ගැනීමට සමත් උණු එක්තරා තරුණියක්, ඒ සතුටට උපන් ගෙයි පිස්සුව තවත් දෙගුණ තෙගුණ වූවාක් මෙන් හඬමින් සිනාසෙමින් දිව යනවා දක්නට ලැබුණි.


මැච් එක ඉවර වෙලා පපර බෑන්ඩ් එකත් එක්ක එළියේ ටික වෙලාවක්...


අවසානයට කියන්න ඇත්තේ මෙල්බන් ජනතාව යන්තම් ඔන්න කටේ බලෙන් මැච් එක ගොඩ දමා දුන් බව ය. දැන් ඊළඟ එක ඇත්තේ බ්‍රිස්බේන් ජනතාව අතේ ය :D :D :D


ප ලි : පින්තුර වල අයිතිය මිතුරු දුලීප ගේ. Yes I am kicking myself for forgetting to take my camera :(

Sunday, February 26, 2012

සුන්දර ටැස්මේනියාව හෙවත් ආදරණීය ටැසී : 2

<<පලවෙනි කොටස මෙතනින්
 
තුන්වෙනි දවස
එදා උදෙන්ම අපි නාල කාල පිටත් උනේ  ලෝන්සේස්ටන් කියන පැත්තට යන්න. දැන් ඔය වෙද්දී අපි හිටියේ නැගෙනහිර වෙරළ පැත්තෙනේ. ඒ නවාතැනට සමුදීල අපි දැන් යන ලෝන්සෙස්ටන් තියෙන්නේ උතුරු මැද වගේ. මේ යටින් තියෙන්නේ අතරමැද බල බල ගිය මිදිවතු, චෙරි වතු, ස්ට්‍රෝබෙරි වතු වල එහෙම පින්තුර.




ස්ට්‍රෝබෙරි වත්තෙන් රසම රස නැවුම් ස්ට්‍රෝබෙරි ජෑම්, චොකලට් ආලේපිත ස්ට්‍රෝබෙරි ඩ්‍රෝපස්, ස්ට්‍රෝබෙරි සෝස් (අයිස්ක්‍රීම් කද්දී දාගෙන කන්න) එහෙම ගන්නත් අමතක කලේ නැහැ. ඔහොම ෆාම් වලින් ගන්න ජෑම් වල එහෙම සුපර්මාකට් වලින් ගන්න ජෑම් වලට වඩා අලුත් නැවුම් රහක් තියෙනවා. කොහොම හරි මම ඔය ගත්ත ජෑම් බෝතලයක් ලංකාවටත් අරන් ගියා. ස්ට්‍රෝබෙරි වත්තේ එහෙම උනාට මිදී වතුවල නම් මිදි ගන්න බැහැ :D. ඒවායේ තියෙන්නේ වයින්. වයින් ඕනෙනම් මිලදී ගන්න වගේම නොමිලේ රහ බලන්නත් පුළුවනි.

ඇත්තටම ලෝන්සෙස්ටන් දැක්කම අපේ නුවර එලිය වගේ කියල මට හිතුනේ. පරණ කොලොනියල් ගොඩනැගිලි වලින් සමන්විත 'Old world charm' තියෙන නගරයක්. එහෙ නවාතැනට ගිහින් මහන්සි හෙම ඇරගෙන අපි ගියේ 'කැටරක්ට් දුර්ගය' බලන්න. ඒක මොකද්ද කියල අහන්න එපා දැන් :D. නමේම තියෙනවනේ. ඒක දුර්ගයක් :P. මේ තියෙන්නේ...

 අපි නැවතිලා හිටපු තැන රෙසේප්ෂනිස්ට් අක්කා එක්ක ටිකක් කතාකරපු පාර, එයා ඉතාලියේ ඉපදිලා ඩොක්ටරේට් එකකුත් තියෙන කෙනෙක්. රට රටවල ඇවිදින්න ගොඩක් ආසයිලු. ලංකාවටත් ගිහින් තියේලු - හැබැයි දවස් දෙක තුනකට. අම්බලන්ගොඩ ගැනත් කිව්වා. ඉතින් එයා ඔහොම ඇවිදිද්දී ටස්මෙනියාවට ආපු පාර එහෙ ලස්සන නිස්කලංක බව නිසා එහෙ නවතින්න හිතුනලු.
එදා රෑට කෑම කන්න තැන කිව්වෙත් එයා තමයි. ඇත්තටම ගොඩක් රහ බර්ගර්ස් තියෙන තැනක් නිසා ඔන්න ඔයාල ටැසි ගියත් ඒකට අනිවාර්යෙන්ම යන්න. නම තමා : Burger got Soul. මම දැනට කාල තියෙන රසම බර්ගර් එක කෑවේ එහෙන්.

හතර වෙනි දවස
ලෝන්සේස්ටන් වල තියෙනවා හොලිබෑන්ක් කියල වනාන්තර ප්‍රදේශයක්. අපි හතරවෙනිද ගියේ එහෙට. උසම උස ගස් වැල් පිරිච්ච, ඒ ගස් අතරින් දොළ පාරවල් එහෙම ගලන ලස්සන පැත්තක් හොලිබෑන්ක්. හැබැයි අපි එහෙ ගියේ ගස් වැල් බලන්න නම් නෙවෙයි...
අපි එහෙ ගිහින් කරපු දේ තමයි ඔය යට පින්තුර වල තියෙන්නේ:

ඔය පින්තුරේ පේන කේබල් වල එල්ලිලා තමයි අපි අර ගහෙන් ගහට යන්නේ. කොහොමද ටාර්සන් වගේ නේද? :D
සමහර තැන්වල වේගෙන් ගලන ගඟක් උඩිනුත් යන්න තියෙනවා. උපරිම යෙන් මීටර් 300 වගේ උසකින්. ඔහොම නැවතුම් වේදිකා දෙකක් අතර දුර උපරිම වශයෙන් මීටර් 400 වගේ උනා. මෙතැනදී අපිව කණ්ඩායම් වශයෙන් තමයි එක්ක යන්නේ. ආරක්ෂක ඇඳුම් ඇඳගන්නත් ඕනේ. ඔය ඇඳුම හරියට හාර්නස් එකක් වගේ. ඒකෙ තියෙන කොකු 2 කින් තමයි අර කේබල් එකෙ එල්ලෙන්නේ. මෙතැනදී යන වේගේ පාලනේ කර ගන්නත්, වේදිකාව ලං වෙද්දී safely land කරන්නත් ගයිඩලා කියල දෙනවා. අර උඩ ෆොටෝ එකෙ මැද වාඩි වෙලා ඉන්නේ ඒ එක ගයිඩ් අක්ක කෙනෙක්.

...අන්තිම දවස් දෙක ඊළඟට...

Tuesday, February 7, 2012

සුන්දර ටැස්මේනියාව හෙවත් ආදරණීය ටැසී : 1

ටැස්මේනියාව කියන්නේ ඕස්ට්‍රේලියාවේ එක ප්‍රාන්තයක්. ඔස්ට්‍රේලියාවට යටින් අර චුටි දුපතක් තියෙන්නේ. අන්න ඒක. දල වශයෙන් අපේ ලංකාවේ සයිස් එකමයි. මම යාලුවෝ කට්ටියක් එක්ක ටැසී ගියේ දැනට අවුරුද්දකට කලින්. හොඳටම එන්ජෝය් කරපු ට්‍රිප් එකක් කියන්න පුළුවන්.

ඇත්තටම ටැසී කියන්නේ හරිම ලස්සන පලාතක්. ස්වභාවික සෞන්දර්යය ට කැමති අයට යන්න හොඳම තැනක්. ඒ ක නිකන් ගමක් වගේ නිසා මිනිස්සුත් හරිම ප්‍රසන්න යි.


මෙල්බන් වලට වඩා ටිකක් සීතල වැඩියි. ඒක නිසා යන්න හොඳම කාලේ සමර් ඒක. ඒ කිව්වේ දෙසැම්බර් - ජනවාරි.
මේ පහතින් තියෙන්නේ ටැස්මේනියා මැප් එකත් එක්ක අපි ගිය තැන්. රෑ හිටිය තැන් තමයි නම්බර්ස් දාල තියෙන්නේ.


Image from Google Maps

මෙල්බන් ඉඳන් ටැසී යන්න ක්‍රම දෙකක් තියෙනවා.

  1. ෆෙරි එකෙන් (මුහුදෙන්)
  2. ප්ලේන් එකෙන්.
ෆෙරි එක ගණන් වැඩි නිසා අපි නම් ගියේ ප්ලේන් එකෙන්. අපි ගොඩ බැහැල එයා පෝර්ට් එකෙන්ම කාර් එකක් හයර් කරන් එහෙම්මම නැගෙනහිර පැත්තට ගියා. (1) දාල තියෙන්නේ - බිචිනෝ කියන හරියේ තමයි එදා රෑ. ඊළඟ දවසේ ඒ පැත්තේ ඇවිදලා උතුරු පැත්තට ගියා. රෑ දෙකක් හිටිය ලෝන්සෙස්ටන් වල. ඊට පස්සේ බටහිර පැත්තෙන් ක්රෙඩ්ල් මවුන්ටන් වලත් ඇවිදලා ආයෙත් හෝබාර්ට් වලට. රෑ දෙකක් හෝබාර්ට් වල. කොහොම හරි වටේම කවර කරලා 6 වෙනි දවසේ මෙල්බන් බලා පිටත් උනා. :D

පලවෙනි දවස:
හෝබාර්ට් ගොඩ බැහැපු දවස. මෙදා නම් කරපු දෙයක් නැහැ. මොකද අපේ ෆ්ලයිට් පැය ගානක් පරක්කු වෙලා අපි ටැසී යද්දී පරක්කුයි. ඉතින් ප්ලෑන් ඔක්කොම හබක්. කොහොම හරි බිචිනෝ වලට යා ගත්තා. ඒ පැත්ත - නැගෙනහිර පැත්ත ලස්සන වෙරළ තීර වලට ප්‍රසිද්ධයි.

දෙවෙනි දවස:
උදෙන්ම නැගිටලා පටන් ගත්ත නැගෙනහිර වෙරළ සංචාරේ. ඒ පැත්තේ ලස්සනම තැනක් තමයි වයින් ග්ලාස් බේ.
  •  සුද්දන් මවිත කල නෑම(!)
මුහුදු වෙරලේ කවුරුත් පේන්නත් නැහැ ගොඩ වෙලාවට. ලෝකේ ලස්සනම මුහුදු වෙරළවල් තියෙන රටක කෙනෙක් හැටියට උනත්, මට මේ හරියේ මුහුද ත් ගොඩක් ලස්සනට දැක්ක. විශේෂයෙන් අර කඳුත් එක්ක තියෙන නිසා අපේ රටේ වෙරලවලට වඩා වෙනස්. අමුතුයි. ලංකාවේ වෙරළ තැනිතලා නේ...ඇන්ටාර්ක්ටික් සාගරයේ රැල්ලත් හරීම සීතලයි...හැබැයි ඔය සීතල වතුරෙත් අපි නෑව! අපි නානවා දැකපු ටස්මෙනියාවේ හැදුනු සුද්දෙකුත් පුදුම වෙලා අහනවා 'isn't it warm in Sri Lanka?' කියල:D

වයින් ග්ලාස් බේ හරියේ ගත්තු ෆොටෝ එකක්

  •  අතරමන් වීම
 මට මුලින් මෙල්බන් ආපු දවස් වල, හරි පුදුමයි පාරේ තොටේ මිනිස්සු අඩු යි කියල. ඇයි ඉතින් ලංකාවේ දැකල පුරුදු පාරට බැස්සොත් ගොඩක් මිනිස්සු දැකලානේ. ඔය ඕස්ට්‍රේලියාවේ දෙවෙනියට ජන ගණත්වය තියෙන පැත්තක ඉඳල. හැබැයි ටස්මෙනියාවේ ජනගහනේ වික්ටෝරියා ප්‍රාන්තෙටත් අඩුයි. හරියටම කිව්වොත් ලංකාවේ වර්ග කි මි ට 308.5 යි. වික්ටෝරියා වල 24.39 යි. ටැස්මේනියා වල 7.36 යි ! (source : Wikipediya)
ඉතින් මේ විස්තරේ කිව්වේ ටස්මෙනියාවේ ජන ශුන්‍ය භාවේ ගැන පොඩි අයිඩියා එකක් දෙන්නයි...මොකද කිව්වොත් අපේ එක යාලුවෙක් මේ ජන ශුන්‍ය වෙරළක නැති උන නිසා...මේකත් ඔය වයින් ග්ලාස් බේ පැත්තේ වෙරළ තීර වල රස්තියාදු ගහද්දි උනේ. එතන මුහුදු වෙරළට යන්න ඕනේ නිකම් ලඳු කැලෑව ක් වගේ එකකින් වැහුණු පල්ලම ක් බැහැල. බීච් එකට යද්දී අපි 4 දෙනාම එකට බැස්ස. දැන් ඔතන වැඩේ අර පඳුරු හෙම නිසා මීටර් 5 -6 කට ඉස්සරහින් යන කෙනා පෙන්නේ නැහැ. පොඩි අඩි පාරක් ඔස්සේ තමා ගියේ. ඒක මිස් උනොත් කොහෙන් මතු වේවිද කියන්න බැහැ. ඉතින් අපි බීච් එකේ ටිකක් ඇවිදලා ආයි උඩට නැගල බලද්දී එක්කෙනෙක් මිසින්! දැන් අපි කෝල් ගන්නවා ගන්නවා - සිග්නල් නැහැ. ඇයි ඉතින් ඒ අපි හිටියේ හෙන රිමෝට් පැත්තක. අපිට ඉතින් එක එක ඒවා මතක් වුනා - මෙයා පල්ලමේ පෙරලිලා වැටිලද, ගලක හැපිලද, අරකද මේකද... ඉතින් දැන් පැයක් විතර අපි බලන් ඉන්නවා ඉන්නවා - මෙයා නැහැ. ඔය අතරේ අපි කීප පාරක් ආයෙත් බීච් එකට ගිහින් බැලුව - කාත් කවුරුවත් පේන්නත් නැහැ. නම කියල කෑ ගැහුවා - ඒත් වැඩක් නැහැ... අපි කට්ටිය හොඳටම බය වෙලා දැන් - කියන්න කෙනෙකුත් නැහැ... ඇයි ඉතින් පේන තෙක් මානෙක මොකෙක්වත් ඇත්තේ නැහැ. අන්තිමට අපි කතාවුනා තව විනාඩි 5 ක් බලල ට්‍රිපල් zero කතා කරමු කියල. ඒක තමා මෙහෙ හදිසි අවස්ථා වල අමතන්න තියෙන අංකේ... ඉතින් ඔන්න ඔහොම ඉන්දෙද්දී එතනට ආපු වෑන් එකකින් මෙන්න පොර මතුවුනා! ... එයාට වෙලා තියෙන්නේ ආපහු බීච් එකේ ඉඳන් කන්ද නගිද්දී අර අඩි පාර මග ඇරිලා වෙන කොහෙද පැත්තකින් මතුවෙලා. ඉතින් පාරේ ඔහේ යද්දී හොඳ වෙලාවට ගිය වාහනේකට අත දාල විස්තරේ කිව්වම, හොයල හොයල අමාරුවෙන් තමා අපේ වාහනේ නවත්තපු තැනට ඇවිත් තියෙන්න...!

සංචාරේ ඉතිරි හරිය ඊළඟට  ...